
Editor
පාසල් ක්‍රීඩා ඉතිහාසයට නව පියවරක්- පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3365ක් ජාතික හා පළාත් පාසල් වෙත මුදාහැරෙයි
ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හා ක්‍රියාමාර්ග අතර පළාත්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට කුසලතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3888ක් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල් පද්ධතියට බඳවාගැනීමේ වැඩපිළිවෙළ සුවිශේෂ ක්‍රියාමාර්ගයකි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක්
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
දුම්රිය ගමනාගමයේ සංශෝධනයක්
දුම්රිය මඟින්ගේ පහසුව සඳහා 2019/08/01 සිට නව දුම්රියන් හා පැවැති දුම්රියන් සංශෝධනයට ලක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පහතින් එම සංශෝධන දක්වා ඇත.
හංගේරියානු ණය ආධර යටතේ ඉදිරි වසර දෙක තුළ විදුලි සීනු සහ වර්ණ සංඥා සහිත දුම්රිය හරස් මාර්ග 200ක් ආවරණය කෙරේ
හංගේරියානු ණය ආධර යටතේ ඉදිරි වසර දෙක තුළ විදුලි සීනු සහ වර්ණ සංඥා සහිත දුම්රිය හරස් මාර්ග 200ක් සම්පූර්ණයෙන් ආවරණය කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
24 වන ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ වසරේ සම්මාන උළෙල 2019 කොළඹ දී
24 වන ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ වසරේ සම්මාන උළෙල 2019 “තිරසාර වර්ධන සඳහා නවෝත්පාදන හා ඵලදායිතාවය” යන්න තේමාව කරගනිමින් කොළඹ දී පැවැත්වෙයි
උපාධිධාරීන් 16800ක් රජයේ සේවයට බඳවාගැනේ
රැකියා විරහිත උපාධිධාරීන් 16800ක් උපාධිධාරී අභ්‍යාසලාභීන් පුහුණුව සඳහා කඩිනමින් බඳවා ගැනීමට රජය කටයුතු කරගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පන් වූවන්ට සහන සැලසේ
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වුවන් සඳහා ආහාර සහ තාවකාලික වාසස්ථාන ලබා දීම මේ වන විට සිදු කර ඇති බවත්, මෙම පිරිස් නැවත යථාතත්වයට පත්වන තෙක් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදු කෙරෙන බව අපදා කළමනාකරණ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ.එම් රවී ජයවර්ධන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී පවසා සිටියේ ය.
මහනුවර ඇසල පෙරහැරට සියලු කටයුතු සූදානම්-මහජන ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක්- දියවඩන නිළමේ
අගෝස්තු 02 වනදා ආරම්භවීමට නියමිත මහනුවර ඇසල පෙරහැර වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සූදානම්ව ඇති බවත්,මෙවර පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහජන ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේය.
කළු ගගෙහි ජල මට්මට පිටාර මට්ටමට-ගංගා ධාරා ප්‍රදේශයට ගංවතුර අනතුරු ඇගවීම්
කලු ගංගා ධාරා ප්‍රදේශයට මෙවන විය ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගගෙහි ජල මට්මට රත්නපුර පුදේශයෙන් පිටාර මට්ටමට ඇසන්න වෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව ඉදිරි පැය කීපය තුළ ද වැසි තත්වය මෙලෙසම පවතී යැයි අනාවැකි පලකර ඇත.
5 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 4 දා - අ.පො.ස උසස් පෙළ විභාගය අගෝස්තු 5 ඇරඹෙයි
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 දින සිටි අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු යොදා ඇත.