
Editor
දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි සහ සුළං
දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය ජූලි මස 20 වන දා දක්වා තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
රත්නපුර, බලංගොඩ යන ප්‍රදේශ සදහා නායයාම් අනතුරු ඇගවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අධික වැසි තත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.
කතරගම පූජා නගරයේ මහජන සුවසෙත පතා විශේෂ මෙහෙයුම් රැසක්
කතරගම පූජා මංගල්‍ය නිමිත්තෙන් මේ දිනවල කතරගම ආශ්‍රිතව විශාල ජනකායක් ගැවසෙන බැවින් එම ජනයාගේ සුවසෙත පතා විශේෂ මෙහෙයුම් රැසක් ජූලි 02 වනදා සිට 17 වනදා දක්වා කතරගම නගරය සහ ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්.බාලසූරිය මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය නුවරඑළියේ ඉදිකිරීම් ආරම්භ කෙරේ
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය ඉදිකිරීම් කටයුතු අද (15) නුවර එළියේ දී අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක්
දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවලදී (ජූලි මස 16 වන දා සිට),විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.
ඩෙංගු බෝ කරන ස්ථාන සහ ආයතන ප්‍රසිද්ධ කර නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර
නිවෙස් වලට අමතරව පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර සහ කර්මාන්ත ශාලා ඩෙංගු මදුරුවන් බෝ වීමේ වැඩි අවධානම් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර දිගින් දිගටම මදුරු කීටයන් බෝ වන සේ එවැනි පරිශ්‍ර පවත්වාගෙන ගියහොත් එම ආයතන වල නම් ප්‍රසිද්ධ කර නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කොවිලේ වාර්ෂික පුජා උත්සවය පැවැත්වීමට නාවික හමුදාව සහය වෙයි
නයිනතිව් දූපතේ පිහිටි ‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කෝවිලේ වාර්ෂිකව පවත්වනු ලබන පූජා උත්සවය 2019 ජූලි මස 02 වන දින සිට ආරම්භ වූ අතර, මෙම පූජා උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ආරක්‍ෂක හා සනිපාරක්‍ෂක සේවාවන් සපයමින් සහය ලබා දෙයි.
චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය නැවතත් චිත්‍රපට සංස්ථාවට -අයිතිය උදුරාගන්න හදනවා නම් එයට එරෙහිව නැඟී සිටිය යුතුයි- කලාකරුවෝ
චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය නැවතත් චිත්‍රපට සංස්ථාව ලැබීම සම්බන්ධයෙන් සිනමා කලාකරුවන් රැසක ගේ ප්‍රසාදයට හේතු වී තිබෙන බවත් මෙම අයිතිය නැවත උදුරාගැනීමට හදනවා නම් එරෙහිව නැගී සිටිය යුතු බවද කලාකරුවෝ පවසති.
රුපියල් මිලියන 900 වියදමින් ඉදි වූ මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනපති අතින් අද ජනතා අයිතියට
රුපියල් මිලියන 900 වියදමින් ඉදි වූ මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) පොළොන්නරුවේ දී ජනතා අයිතියට පත් කෙරේ.
විදේශ රැකියාවට යොමුවන ශ්‍රමිකයින් සදහා සුභසාධන පහසුකම් පුළුල් කෙරේ
විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රතිලාභ පුළුල් කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හා මහජන බැංකුව සමඟ පසුගිය දින කාර්යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.