
Editor
සරසවි වරම් අහිමි සිසුන්ට උපාධියක් ගන්න පොලී රහිත ණයක් - උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2017 විභාගය සමත් එහෙත් සරසවි වරම් අහිමි සිසුන්ට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීමට පොලී රහිත ණය ලබාදෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සඳහන් කරයි.
මහරගම, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල පැය 21ක් පානීය ජලය නැහැ - ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය
අත්‍යාවශ්‍යය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද (13) බදාදා පෙරවරු 8.00 සිට පසුදා පෙරවරු 5.00 දක්වා පැය 21ක කාලයක් මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
මහරගම අපේක්ෂා රෝහලේ දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීමට සැලසුම්
මහරගම අපේක්ෂා රෝහලේ දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.
2016-2017( උසස් පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීම - අයදුම් පත් 15 දට පෙර යොමු කරන්න
2016 හා 2017 අ.පො.ස.(උ.පෙ) ප්‍රතිඵල මත 2018 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමට අදාළව මාර්ගගත ක්‍රමවේදය (Online System) ඔස්සේ අයදුම් කිරිම ද 2019.01.25 දින ගැසට් නිවේදනය තුළ අනිවාර්ය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අල්ලස් හා දූෂණය විමර්ශනය කිරීමට ජාතික ක්‍රියාකාරී සැලැස්මක්
අල්ලස් හා දූෂණ වැළැක්වීම සදහාවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019-2023 කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.
මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට ජාතික අධිකාරියක්
මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සදහා ජාතික අධිකාරියක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඇමති මණ්ඩලය විසින් අනුමත කොට ඇත.
ජාතික පාසල් පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ දී සිදු වූ බව පැවසෙන අසාධාරණයන් සෙවීමට කමිටුවක්
2019 වසරේ ජාතික පාසල් සඳහා පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ දි අසාධාරණ සිදුව ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති පැමිණිලි පරික්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාට උපදෙස් ලබා දී තිබේ.
මධ්‍යම පළාතට ගිලන් රථ දහයක් ලබා දෙයි
මධ්‍යම පළාතේ රෝහල් 10 ක් සදහා ගිලන් රථ ප්‍රදානය කිරීම අද (6) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු සිදු විය.
පසුගිය වසර තුළ ලාදුරු රෝගීන් 1683 ක්- නිසි ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුව කළ හැකියි-සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය
ලෝක ලාදුරු දිනය ජනවාරි 27 යෙදී තිබුණි. පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත දිස්ත්‍රික්කයන්හි ලාදුරු රෝගීන් 1683 ක් වාර්තා වෙයි.
සීගිරියට පොලිතින් තහනම්
පෙබරවාරි 01 දා සිට සීගිරිය දිය අගල ඇතුළු කලාපය පොලිතින්, අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. ඒ අනුව ඒම ප්‍රදේශයේ පිසින ලද ආහාර වර්ග හා කෙටි ආහාර වර්ග රැගෙන යෑම තහනම් වෙයි.