Saturday, 27 April 2024

ඡන්ද ජයගත් කාන්තා ප්‍ර‍තිශතය ඉහළ යයි

Posted On Friday, 23 February 2018 04:47

මෙවර පළාත් පාලන ආයනත ඡන්ද විමසීමේදී ඡන්දයෙන් තේරී පත් වූ කාන්තා සභික ප්‍ර‍තිශතය 10% දක්වා ඉහළ ගොස් ඇති බවත් කාන්තා නියෝජනය අඩු කිරීමේ අදහසක් නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒ මහතා සඳහන් කළේය ඒ අනුව මෙවර කාන්තාවන් 595ක් ඡන්ද ජයග්‍ර‍හණය කර ඇති බවයි. එම ප්‍ර‍තිශතය 1.9% සිට 10% දක්වා වූ වැඩිවීමක් බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ ඒ දිස්ත්‍රික්ක අනුව පහත සඳහන්  පරිදි කාන්තාවන් සංඛ්‍යාවක් ඡන්ද ජයග්‍ර‍හණය ලබා ඇති බව ද සඳහන් කළේය.

 

 

දිස්ත්‍රික්කය

කාන්තා සභික සංඛ්‍යාව

01

කොළඹ

54

02

ගම්පහ

28

03

කළුතර

33

04

මහනුවර

28

05

මාතලේ

18

06

නුවර එළිය

26

07

ගාල්ල

32

08

මාතර

27

09

හම්බන්තොට

16

10

යාපනය

21

11

කිලිනොච්චිය

04

12

මන්නාරම

03

13

වව්නියා

04

14

මුලතිව්

04

15

මඩකලපුව

08

16

අම්පාර

26

17

ත්‍රිකුණාමලය

07

18

කුරුණෑගල

45

19

පුත්තලම

16

20

අනුරාධපුර

31

21

පොලොන්නරුව

09

22

බදුල්ල

24

23

මොණරාගල

13

24

රත්නපුර

32

25

කෑගල්ල

26

 

 එකතුව

535

Read 1021 times