Tuesday, 23 October 2018

සයිටම් ප්‍රධානියාට වෙඩි තැබූ පුදගලයින්ට CCTV දර්ශන හරස්වෙයි

Posted On Tuesday, 07 February 2017 06:20

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ

ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න ගමන් ගත් මෝටර් රථයට ඊයේ රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිඛෙනවා.

ඔහු ඊයේ රාත්‍රියේ සිය නිවස බලා යමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිඛෙනවා.

කෙසේ වෙතත් එම වෙඩි ප්‍රහාරයෙන් වෛද්‍ය සමීර සේනාරත්නට හානි සිදුවූයේ නැහැ. ඔහුගේ මෝටර් රථයේ වෙඩි ප්‍රහාර 4ක් දක්නට ලැඛෙන බවයි මුල්ලේරියාව පොලීසිය පැවසුවේ.

මුහුණු ආවරණය වන ආරක්ෂිත හිස්වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවද වෛද්‍ය සමීර සේනාරත්න පොලිසියට ප්‍රකාශ කර තිඛෙනවා.

සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ ගොඩනැගිලිවල සී සී ටී වී දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

කණ්ඩායම් 03ක් ඒ සදහා යොදවා ඇති බව ද පොලිස් මූලස්ථාන ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සදහන් කළා.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!