Wednesday, 20 September 2017

පොදු රාජ්‍ය මණ්ඩලයීය සහ ආසියානු ක‍්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩක කණ්ඩායම් සූදනම් කෙරේ

Posted On Tuesday, 20 June 2017 05:43

2018 ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමේ විශේෂ රැස්වීමක් ක‍්‍රීඩා අමාත්‍ය නිතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයන් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විය.


මෙහිදී මළල ක‍්‍රීඩා, අත්පන්දු, දැල් පන්දු ආදී ක‍්‍රීඩා කණ්ඩායම් 25කට අයත් ක‍්‍රීඩා සම්මේලන නිලධාරීන් සහභාගීවිය.

ක‍්‍රීඩා අමාත්‍යවරයා ඔවුන් වෙත දැනුම් දුන්නේ සැප්තැම්බර් මාසය අවසන් වන විට සියලූ තේරීම් කටයුතු සිදුකර සංචිතගත කිරීම් අවසන් කරන ලෙසයි. ක‍්‍රීඩා සංගම් නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ට මෙහිදී තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳව අමාත්‍යවරයාව දැනුවත් කිරීමට ද අවස්ථාව හිමි විය.

එහිදී විදේශ පුහුණුකරුවන් ගෙන්වාගැනීම, ක‍්‍රීඩා උපකරණ හා අනෙකුත් පහසුකම්වල අවශ්‍යතාව වැනි ගැටළු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වූ අතර ක‍්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කර සැප්තැම්බර් මාසය වන විට එම සියලූ ගැටලූ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු යෙදිණි.

Read 125 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!