Tuesday, 30 April 2024

සබරගමුව පළාතේ සුව සැරිය ගාස්තු‍ රහිත ගිලන් රථ සේවය අද සිට ඇරඹේ

Posted On Tuesday, 22 January 2019 06:42

සුව සැරිය ගාස්තු රහිත පූර්ව ප්‍රතිකාර සේවාව සබරගමු පළාතේ අද(21) සිට ක්‍රියාත්මක වෙයි.



ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයිම් අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

ඉන්දීය රජයේ ත්‍යාගශීලී ප්‍රදානයක් ලෙස 2016 ජූලී 16 වෙනිදා බස්නාහිර හා දකුණු පළාත්වලින් ආරම්භ වූ 1990 සුව සැරිය සේවාව ලක්වාසී ජනතාව ලද මහගු දායාදයකි.

2018 ජූලි මාසයේදී මෙම සේවාව උතුරැ පළාතට ද , අගෝස්තු මාසයේදී ඌව පළාතට ද, ඔක්තෝම්බර් මාසයේදී වයඹ පළාතට ද ව්‍යාප්ත කිරීමට හැකිවිය. මේ දක්වා 1990 ලද දුරකථන ඇමතුම් 811, 739කට ක්ෂණිකව පතිචාර දක්වා , 145, 106 වතාවක් ගිලන් රථ පිටත් කර යවා මිනිත්තු 12.58ක් වැනි සාමාන්‍ය කාලයක් තුළ රෝගියා වෙත ලගා වී හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගින් 131, 282ක් රෝහල කරා රැගෙන ගොස් ඇත.

සුව සැරිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් අඳහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ සිටියේ, මෙම ප්‍රතිපත්තිය සාර්ථක කරගන්නට සෑම පියවරකදීම සහයෝගය දැක්වූ සියලු දෙනාට ම ස්තුතිය පුද කරන බවයි. එමෙන් ම ජීවිත ආරක්ෂා කිරීමේ මේ මහගු උත්සාහය, තවදුරටත් ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් ව්‍යාප්ත කිරීමට අත්වැල් බැඳ ගන්නා ලෙස ද අමාත්‍යවරයා ආරාධනා කර සිටියි.