Thursday, 02 May 2024

මානව හිමිකම් කවුන්සිලයේ දී ඉකුත් සිද්ධි ගැන කනස්සල්ල

Posted On Thursday, 16 June 2022 08:21

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අවධියෙන් සිටින ප්‍රධාන කණ්ඩායම විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට වගකිවයුත්තන්ගේ වගවීම ඉල්ලා ඇත.

 
කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් වලින් සමන්විත මෙම කණ්ඩායම නිකුත් කරන ලද නිවේදනය අනුව ශ්‍රී ලාංකීය ජනතාවට දැඩි දුෂ්කරතා ඇති කරමින් මෑත මාස කිහිපය තුළ මුහුණ දෙන සැලකිය යුතු අභියෝග හඳුනා ගෙන ඇති බව ස`දහන් කරයි.
 
විරෝධතාකරුවන්, සාමකාමීව රැස්වීමෙන් පසු නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ ඔවුන්ගේ අයිතිවාසිකම් භාවිතා කර ඇති අතර සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩකාරී ප්‍රහාර එල්ල කිරීම සහ රජයට සම්බන්ධ දේශපාලනඥයන්ට සහ ආධාරකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බව එම කණ්ඩායම නිකුත් කළ නිවේදනය කියයි. 'මෙම ප්‍රචණ්ඩත්වයට වගකිවයුතු අංශ සිය වගකිම දැක්විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ ස්වාධීන ආයතන පවත්වාගෙන යාමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමු. දීර්ඝ කාලීන දණ්ඩමුක්තිය සහ දූෂණයට පිළියම් යොදන ලෙසත්, යහපාලනයේ සහ යහපත් ආර්ථික ප්‍රතිපත්තිවල අවශ්‍යතාවය අවධාරණය කරන ලෙස 'ත්ශ්‍රී ලංකාබලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එහි දැක්වේ