Monday, 29 April 2024

ගාලුමුවදොර විරෝධතාවයේ නිරත වූ 9 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග 

Posted On Saturday, 18 June 2022 04:47

 

ජුනි මාසයේදී කොටුව සහ තලංගම ප්‍රදේශවල පැවති විරෝධතාවලට සහභාගි වූ බව කියන සැකකරුවන් 9 දෙනෙකුඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි.

සැකකරුවන් වන්නේ වසන්ත මුදලිගේ, ලහිරු චතුරංග වීරසේකර, රත්තා නමින් හැඳින්වෙන රතු සේනාරත්න, ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි පූජ්‍ය  ගල්වාව සිරිධම්ම හිමි එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි සහධම්මික මුණසිංහ යන අයයි.

කොටුව සහ තලංගම පොලිසිය විසින් කොටුව සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවල තොරතුරු මතමෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

පොලිසිය සිදුකළ විමර්ශනවලට අනුව ජුනි 9 වැනිදා කොටුව පොලිස් බල ප්‍රදේශයේ සහ පොලිස් මූලස්‌ථාන ඉදිරිපිට උද්ඝෝෂණසහ ජුනි 10 වැනිදා තලංගම පොලිස්‌ බලප්‍රදේශයේ පැලවත්ත ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණ විධිවිධාන කිහිපයක්‌ උල්ලංඝනයකරමින් දණ්ඩ නීති කේතය. නීතිවිරෝධී රැස්වීමකට සහභාගී වීම, පොලිසියේ වැඩවලට බාධා කිරීම, අනිසි බලපෑම්, බාධා කිරීම්, තුවාල සිදු කිරීම සහ රාජ්‍ය දේපළවලට හානි කිරීම මෙම ප්‍රතිපාදන වේ.

කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ මෙම නඩුව ජූලි මස 7 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතයි