Monday, 06 May 2024

දෙසැම්බර් මස 24 සහ 25 දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහ සුළං

Posted On Friday, 23 December 2022 17:22

දෙසැම්බර් මස 24 සහ 25 දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහ සුළං

 

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී.370 ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇත.ඒ හේතුවෙන් දෙසැම්බර් මස 24 සහ 25 යන දිනයන්හි දී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරයි.

උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.