Friday, 03 May 2024

රාජ්‍ය ආයතනවල ඡන්ද ව්‍යාපාර තහනම් - ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව

Posted On Tuesday, 14 February 2023 07:54

රාජ්‍ය ආයතනවල ඡන්ද ව්‍යාපාර තහනම් - ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව

 

කිසිදු රජයේ ආයතනයක් තුළ මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පෙනීසිටින අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්ද කටයුතු කිරීම තහනම් බවත්,එසේ සිදුකරන්නන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව දන්වයි.

පෙබරවාරි 13දා මැතිවරණය වෙනුවෙන් රජයේ ආයතන යොදා නොගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ සම්බන්ධයෙන් දන්වා ඇත.

කිසිදු කාර්යාලයක හෝ පාසලක, පළාත් පාලන ආයතනය, රාජ්‍ය සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක මෙසේ අපේක්ෂකයන් වෙනුවෙන් ජන්ද ආයාචනා කිරීම, අත්පත්‍රිකා බෙදීම හෝ වෙනත් එවැනි ක්‍රියාකාරකම් මෙමගින් තහනම් කර ඇත. එබැවින් එවැනි ක්‍රියාවල යෙදීමෙන් වළකින ලෙස දේශපාලනඥයන්, දේශපාලන ක්‍රියාකාරීන් හා වෘත්තිය සම්ති වෙත මැතිවරණ කොමිසම වැඩිදුරටත් දන්වා ඇත.