Monday, 29 April 2024

උත්සව සමයේ පාරිභෝගික නීති කැඩූ වෙළඳුන් වටලයි

Posted On Monday, 10 April 2023 10:20

උත්සව සමයේ පාරිභෝගික නීති කැඩූ වෙළඳුන් වටලයි

 

උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම,තොග සඟවා තබා ගැනීම හා විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුලු වැරදි සිදුකළ වෙළඳුන් 1500 කට ආසන්න පිරිසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතියේ රැහැනට හසුකරගෙන තිබේ.

ඉදිරියේ දී ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන අතර බිත්තර පිළිබඳව වැඩි අවධායක් යොමු කරන ලෙසද එම අධිකාරිය සියලු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව අද කුරුණෑගල,හල්මිල්ලවැව සහ කඩිගමුව යන ප්‍රදේශවල බිත්තර ගොවිපොළවල් පරික්ෂා කිරීමේදි වැටලීම් සිදු කිරීම සඳහා නිලධාරීන්කටයුතු කළ අතර ඉදිරි දිනවල තවදුරටත් වෙළඳපළ වැටලීම්වලට සමගාවීම විශේෂයෙන්ම බිත්තර ගොවිපලවල් ද වැටලීම් හා විමර්ෂන සදහා නිලධාරින් යොමු කර ඇත.

උත්සව සමයේ රාජකාරින් සඳහා විශේෂ කණ්ඩායම්ද යොදවා ඇති අතර නිවාඩු දිනවල ඇතුලුව අවශ්‍ය අවස්ථාවල රාත්‍රි කාලයේද අධිකාරියේ නිලධාරීන්තවදුරටත් රාජකාරින් සිදුකරමින් පවතී.