Saturday, 27 April 2024

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි

Posted On Friday, 14 April 2023 16:38

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි

 

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයත් සමග උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දමිළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

අප්‍රේල් මස 14 වැනිදා සිකුරාදා පූර්ව භාග 08 යි 35 සිට එදින අපරභාග 09 යි 23 දක්වා පුණ්‍ය කාලයයි. එබැවින් හෙට පූර්ව භාග 08 යි 35 ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවැයි අලුත් අවුරුදු චාරිත්‍රවල දැක්වෙයි. අප්‍රේල් මස 14 වැනිදා සිකුරාදා අපරභාග 02 යි 59 ට යෙදෙන සුභ මොහොතින් සිංහල හා දෙමළ අලු ත් අවුරුද්ද උදාවෙයි.

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකැත යෙදි ඇත්තේ ලබන 16 වැනිදා ඉරිදා පුර්ව භාග 9 යි 41 ටයි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුග පත්ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරිම මැනවී. අප්‍රේල් මස 17 වැනිදා සදුදා පුර්ව භාග 6 යි 28 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි දීකිරි මිශ්‍ර කිරි බතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකියා රක්ෂා සදහා පිටත්ව යාම මැනවැයි නැකැත් සිීට්ටුවේ සදහන්වේ. මෙවර අලුත් අවුරුද්දේ පැල සිටුවිමේ නැකත යෙදි ඇත්තේ ලබන 20 වැනිදා බ්‍රහස්පතින්දා පුර්ව භාග 6 යි 38 ටයි. රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැල සිටුවිම මැනවී.

අලුත් අවුරුදු සමය එළඹීමත් සමග සැමදෙනාගේ සිතෙහි නැවුම් සිතුවිලි උපදියි. එනම් අවුරුදු සැමරීම සදහා ජනී ජනයා අලුත් ඇදුම් ආහාර පාන සූදානම් කරගන්නා අතරම අවුරුදු උත්සව ජන කෙළි ආදිය සදහා ද ලක ලැහැස්ති වෙයි.

මෙලෙස ජනී ජනයාගේ සූදානමත් සමගම පරිසරයද අවුරුදු උදාවන බව දනවමින් ගස් වැල් වල මල් පිපී ඵල දරයි. රතට රතේ පිපී නැලවෙන එරබදු මල් මෙන්ම බක්මහේ ඇරඹුමත් සමගම දසත ශ්‍රවණය වන කොවුල් නාදය වසන්තයේ ඇරඹුම සිහිපත් කරයි.

සිංහල දින දර්ශනයට අනූව වසන්ත කාලයෙහි එළඹීම නොහොත් කෘෂිකාර්මික කටයුතු ඇරඹීමේ දිනය අවුරුදු දිනයයි. එය අප්‍රේල් 14 වනදාට යෙදී ඇත. මෙරට හින්දු ජාතිකයන්ද එදිනටම සිත්තර වර්ෂම් නොහොත් සිත්තර පුත්තාණ්ඩු නමින් උත්සවයක් පවත්වන අතර එම උත්සවයද සූර්යයා අරබයා සිදුකරනු ලබන මහා සංස්කෘතික මංගල්‍යයකි.

අවුරුදු නැකැත් වලට අනූව කටයුතු කරන ජනයා පුණ්‍ය කාලයේදී ආගමික වතාවත් වල නියැළෙයි. සිංහල අලුත් අවුරුද්දට නගරවාසී බොහෝදෙනා තම මවු ගම්බිම් බලා නෑගම් යාමට පිටත් වන්නේ තෑගි බෝග වලින් අත් පුරවාගනිමින් මෙන්ම සන්තෝෂයෙන් සිත් පුරවා ගනිමිනි.

පරණ යාලුකම්, නෑදෑ හිතවත්කම් අලුත් වන සිංහල අවුරුද්දේ බොහෝ දෙනා අතර පැවති සිත් අමනාපකම් අමතක කරමින් සැමදෙනා එක්ව සතුටු වෙයි. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් අවුරුදු ක්‍රීඩා සදහා වයස් භේදයකින් තොරව එකතු වෙමින් ලොකු කුඩා සියලුදෙනා ඉමහත් සතුටක් ලබයි.

සිංහල අවුරුද්දේ සැමදෙනාම එකිනෙකා වෙත සුභ පැතීම චාරිත්‍රයකි. අවුරුදු සුභ පැතුම තුළින්ද පතනුයේ සශ්‍රීකත්වයයි. සාමය, සතුට මෙන්ම ලෙංගතුකමයි. මේ ලැබුවා වූ අවුරුද්දේදීද සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!