Monday, 29 April 2024

වීරවංශ නඩුවේ මූලික විරෝධතා සම්බන්ධයෙන් වාචික කරුණු දැක්වීම් විභාගයට මහාධිකරණය

Posted On Tuesday, 16 May 2023 06:01

වීරවංශ නඩුවේ මූලික විරෝධතා සම්බන්ධයෙන් වාචික කරුණු දැක්වීම් විභාගයට මහාධිකරණය

 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති දූෂණ නඩුව පවත්වාගෙන යාමේහැකියාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් වාචික කරුණු දැක්වීම ජුනි 16 වැනි දිනටකැඳවීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළේය.

නීතිවිරෝධී ලෙස මුදල් හා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් වන රුපියල් කෝටි 100ක ඇස්තමේන්තුගත චෝදනාව විමල්වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිචෝදනාගොනු කර තිබුණ. 2009 සිට 2015 දක්වා කාලය තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් වසර 6ක කාලයක් තුළ රුපියල්මිලියන 75ක් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ නොකළ වත්කම් උපයාගෙන මෙම වරද සිදුකර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනාවිමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා චෝදනා කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය විත්තිකරුට එරෙහි නඩු විභාගය වසරකිහිපයක් තිස්සේ ඇදී ගොස් ඇති බැවින් එය කඩිනම් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

විමල් වීරවංශ මහතා රාජ්‍ය නිලධාරියෙකු නොව මහජන නියෝජිතයෙකු බැවින් අල්ලස් පනත යටතේ ඔහුට එරෙහිව ගොනු කරඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තියේ පාර්ශවය චෝදනා කළා.

විත්ති පාර්ශ්වය සහ පැමිණිල්ල යන දෙපාර්ශ්වයම මූලික විරෝධතා සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කළේය.

හිටපු අමාත්‍යවරයා අල්ලස් පනතේ 23(අ) වගන්තියට පටහැනිව නීතිවිරෝධී ලෙස මුදල් ගනුදෙනු 26ක්, නිවසක් ඉදිකර, ඉඩම්සහ වාහන මිලදී ගෙන ඇති බවට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා චෝදනා කළේය. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂජනරාල්වරයා වැඩිදුරටත් චෝදනා කළේ පනතේ විධිවිධාන යටතේ අල්ලස් ලබාගෙන උපයාගත් දේපළ ලෙස සැලකෙන මෙම දේපළවීරවංශ සතු වූ බවයි.

රුපියල් කෝටි 100 කට ඇස්තමේන්තු කර ඇති මුදල් හා දේපළ ගනුදෙනු පදනම් කර ගනිමින් සිද්ධීන් 39 ක් යටතේ හිටපුඅමාත්‍යවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.