Monday, 29 April 2024

මහින්ද අගමැති කරන්නැයි ඉල්ලීමක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් කියයි.

Posted On Tuesday, 16 May 2023 06:27

මහින්ද අගමැති කරන්නැයි ඉල්ලීමක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් කියයි.

 

දැවැන්ත ආරක්ෂක බලඇණියක් මධ්‍යයේ නැවත වරක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන බවට පැතිර යන කටකතා ඉවත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. නැවත වරක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන ලෙස ඉල්ලීමක් නොමැති බවද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජනතා ආශිර්වාදයෙන් පමණක් අගමැති පත් කරන බව ය . මහලේකම් කාරියවසම්ටඅනුව, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරුන් හතර දෙනෙකුට කළ නොහැකි වූ දශක තුනක යුද්ධයක් අවසන් කළ මෙරට බිහිවූ විශිෂ්ටතම නායකයා බවය.