Monday, 29 April 2024

වැල්ලවාය රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකය වැසීයාමේ තර්ජනයක්

Posted On Thursday, 18 May 2023 05:30

වැල්ලවාය රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකය වැසීයාමේ තර්ජනයක්

 

වැල්ලවාය මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු මාස හයකට වැඩි කාලයක සිට නොමැති නිසා එහි ළමා රෝග ඒකකය වැසී යාමට ආසන්නව තිබේ.

මේ හේතුවෙන් කෝලන්ද, බුත්තල, ඇල්ල, තණමල්විල වැනි ගම්මානවල විවිධ රෝගවලින් පෙළෙන දරුවන් අතරමං වී සිටිති. මෙම රෝහලට අනුයුක්තව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මීට මාස හයකට පමණ පෙර රැකියාවෙන් ඉවත්ව විදේශ රැකියාවක් ලබා ගැනීමට කටයුතු කළේය.