Saturday, 04 May 2024

නැ‍ඟෙනහිර මුහුදු තීරයේ NERU XINRUI නෞකාවේ රෝගී පුද්ගලයෙකු

Posted On Monday, 29 May 2023 10:15

ත්‍රිකුණාමලය, ෆවුල් තුඩුවෙන් නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කළ නෞකාවේ දී රෝගාතුර වූ විදේශීය ජාතිකයෙකුට සහය ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (28)සවස පියවර ගෙන ඇත.

රෝගාතුර වූ පුද්ගලයා NERU XINRUI නැමති ඉන්දීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිට ඇති අතර ත්‍රිකුණාමලයට රැගෙන ඒමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමු කර තිබේ. චීනයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ NERU XINRUI නැමති ඉන්දීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි විදේශිකයෙකු රෝගාතුර වී ඇති බවට නැගෙනහිර නාවික විධානයට දන්වා ඇත.

හදිසි තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් නාවික හමුදාව විසින් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත P 115 දරණ වෙරළ මුර යාත්‍රාව රෝගියා ගොඩබිමට රැගෙන ඒම සඳහා නියමිත මුහුදු ප්‍රදේශයට යොමු කරන ලදී. රෝගියා නෞකාවේ සිට නාවික යාත්‍රාවට මාරු කිරීමෙන් පසු ප්‍රථමාධාර ලබා දෙමින් ඊයේ (මැයි 28) නිරුපද්‍රිතව ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන එන ලදී. පසුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.