Monday, 29 April 2024

ඔන්ලයින් පාස්පෝට් අයදුම් කිරීමේ ක්‍රමයක්

Posted On Tuesday, 30 May 2023 11:09



අයදුම්කරුවන් පදිංචි ස්ථාන වෙත, දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍ර සැපයුම සහතික කිරීම සඳහා මාර්ගගත විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රමයක් ළඟදීම හඳුන්වා දෙන බව ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

පොදු සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාව පරිදි ඉදිරි දිනවලදී ඔන්ලයින් පාස්පෝට් අයදුම් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක බව ඔහු පවසයි.