Monday, 29 April 2024

විදේශිකයන්ට දින හතක සහනයක්

Posted On Wednesday, 31 May 2023 05:15

විදේශිකයන්ට දින හතක සහනයක්

 

වලංගු වීසා කාලය ඉක්මවා රැඳී සිටින විදේශිකයන් සඳහා වීසා ගාස්තුවලට අමතරව ඇමරිකානු ඩොලර් 500 ක දඩය සංශෝධනය කිරීමට ආගමන හා විගමන පනත යටතේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කරන ලද නියෝග අමාත්‍ය උපදේශක කමිටුව විසින් අනුමත කර ඇත.

ඒ අනුව දින 7ක කාලයක් තුළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අනුමත වරායකින් පිටත්වීම සඳහා දඩ මුදලක් අය නොකළ යුතු බවට නිර්දේශ කර ඇත.