Monday, 29 April 2024

කැබිනට් තීරණයේ නීත්‍යානුකූලභාවය දේශප්‍රේමීහූ අභියෝගයට ලක් කරති.

Posted On Wednesday, 31 May 2023 05:22

කැබිනට් තීරණයේ නීත්‍යානුකූලභාවය දේශප්‍රේමීහූ අභියෝගයට ලක් කරති.

 

රාජ්‍ය ආයතන කිහිපයක් ඉවත් කිරීමට හෝ අන්සතු කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණවල නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය (29) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර සහ එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය කුලතුංග මුදියන්සේලාගේ වසන්ත බණ්ඩාර යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

විදුලි සංදේශ පද්ධතිය සහ ගුවන් තොටුපළ ආශ්‍රිත සේවාවන් කළමනාකරණය කිරීම සඳහා අසීමිත ප්‍රවේශයක් සහ බලතල ලබා දීමෙන් ජාතික ආරක්ෂාව අනපේක්ෂිත අවිනිශ්චිතතා, තර්ජන සහ අනතුරුවලට ලක්වන බව පෙත්සම්කරුවෝ පවසති.

2022 අගෝස්තු 31 දිනැති කැබිනට් සංදේශය ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද අතර එහි මෙසේ සඳහන් වේ.

අ) රජය සතු වාණිජ ව්‍යාපාර දිගු කලක් සතුටුදායක ලෙස ක්‍රියාත්මක නොවීය. එබැවින් එම ව්‍යාපාරික ආයතන කාර්යක්ෂමව හා ලාභදායි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම අවශ්‍ය වේ.

ආ) රජය සතු සමහර ව්‍යාපාර විවිධ හේතූන් මත අඛණ්ඩව පාඩු ලබමින් සිටී;

ඇ) ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, මෙම ව්‍යවසායන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් සොයා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීම, එක් අතකින් මහා භාණ්ඩාගාරයේ මූල්‍ය බර අවම කර ගැනීමට සහ අනෙක් පැත්තෙන් රාජ්‍ය ව්‍යවසායයේ සමස්ත කාර්ය සාධනය වැඩිදියුණු කිරීමට හැකි ක්‍රම හඳුනාගැනීමේ ප්‍රධාන ප්‍රතිපත්තිමය පියවරකි. ;