Monday, 29 April 2024

මහේස්ත්‍රාත් පරීක්ෂණය අභියෝගයට ලක් කරන දේශබන්දු පෙත්සමේ තීන්දුව ඉක්මනින්

Posted On Wednesday, 31 May 2023 05:26

මහේස්ත්‍රාත් පරීක්ෂණය අභියෝගයට ලක් කරන දේශබන්දු පෙත්සමේ තීන්දුව ඉක්මනින්

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි මහේස්ත්‍රාත් පරීක්ෂණය අභියෝගයට ලක් කරන පෙත්සමේ අභියාචනාධිකරණ තීන්දුව ජුනි 23 දිනට නියම කරන ලදී.

සාපරාධී විශ්වාසය කඩ කිරීමේ නඩුවකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තමාට එරෙහිව මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ සිතාසි නිකුත් කිරීම අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ තීන්දුව මේ අනුව කල් තැබිණි. රුපියල් කෝටි 100කට අදාළව සාපරාධී විශ්වාසය කඩ කිරීමට ආධාර අනුබල දුන් බවට එල්ල වූ සාපරාධී චෝදනාවක් සම්බන්ධයෙන් පෙබරවාරි 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජනවාරි 26 වැනිදා දේශබන්දු තෙන්නකෝන්ට සිතාසි නිකුත් කළේය.

අභියාචනාධිකරණයේ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා පෙත්සම් විභාගය ජුනි මස 23 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියම කළේය.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද සිතාසි ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය මීට පෙර අතුරු නියෝගයක් නිකුත් කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1)(අ) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මහින්ද ජයසිංහ විසින් ගොනු කරන ලද පෞද්ගලික පැමිණිල්ලක විත්තිකරුවෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා තීරණය කළේය