Saturday, 27 April 2024

කෘෂිකාර්මික ඩිජිටල්කරණයට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම

Posted On Wednesday, 31 May 2023 08:30

කෘෂිකාර්මික ඩිජිටල්කරණයට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමේ නියෝජිතයන් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේදී හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ජනාධිපතිතුමා ඔවුන් සමඟ සාකච්ඡා කර ඇත. මුල්‍ය ආධාර සහ නවීන තාක්‍ෂණය සැපයීම පිළිබඳ රජයේ ප්‍රතිපත්ති සහ රෙගුලාසිවලට යටත්ව මෙම ප්‍රයත්නයන්ට සහාය වීමට පදනමේ නිලධාරීන් කැමැත්ත පළ කර තිබේ.