Saturday, 04 May 2024

න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කරන බවට ජනාධිපතිවරයා සහතික වෙයි.

Posted On Thursday, 01 June 2023 07:49

න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කරන බවට ජනාධිපතිවරයා සහතික වෙයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01)පෙරවරුවේ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ සම්මුති සංවිධානයේ විධායක ලේකම්රොබට් ෆ්ලොයිඩ් මහතා හමුවිය.

ඔවුන්ගේ සාකච්ඡාවේදී න්‍යෂ්ටික බලශක්ති සාමකාමී ලෙස භාවිත කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපතිවරයා යළිත් තහවුරුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.