Thursday, 02 May 2024

දෙමළ ජාතික ජනතා පෙරමුණ තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවයක 

Posted On Thursday, 01 June 2023 11:00
 දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කන්කසන්තුරේ ප්‍රදේශවාසීන්පිරිසක් සමඟ ඊයේ (31)කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළ අතර, ප්‍රදේශවාසීන්ට අයත් ඉඩම්කිහිපයක විහාරස්ථානය ඉදිකර ඇති බව ඔහු පවසයි.

 

අධිකරණ නියෝගයක් කඩකරමින් එම ස්ථානයේම විරෝධතාවයක් පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය සතියේ අත්අඩංගුවට ගෙනපසුව ඇප මත මුදාහැර සිටි TNPF ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාද මෙම විරෝධතාවයට එක්වසිටියේය.