Thursday, 02 May 2024

ජනපති ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ශෝකය පළ කරයි

Posted On Monday, 05 June 2023 05:42

ජනපති ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ශෝකය පළ කරයි

 

ඔඩිෂා ප්‍රාන්තයේදී සිදුවූ ඛේදනීය දුම්රිය අනතුරකින් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහ ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් මෙම විනාශකාරී සිදුවීම දැනගැනීමත් සමඟ සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර ඇති අතර, මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවාසී ජනතාව සිය ශෝකය සහ ඉන්දියාවට සහයෝගය දැක්වීමට එකමුතුව සිටින බව අවධාරණය කළේය.