Saturday, 27 April 2024

රන් සමග ප්‍රංශ ජාතිකයෙක් අත්අඩංගුවට

Posted On Tuesday, 06 June 2023 07:09

රන් සමග ප්‍රංශ ජාතිකයෙක් අත්අඩංගුවට

 

ශ්‍රී ලංකා රේගුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව රුපියල් මිලියන80ක් අධික රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන එන්නට උත්සාහ කළ ප්‍රංශ ජාතිකයෙකු අද (06) අත්අඩංගුවට ගෙනතිබෙනවා.

විමර්ශනයකින් අනතුරුව කිලෝග්‍රෑම් 4.6කට වැඩි බරැති රත්‍රං තොගය රාජසන්තක කර ඇති අතර, රුපියල් මිලියන 70ක දඩයක්ද නියම කර තිබේ.

දඩ මුදල නොගෙවීම නිසා සැකකරු මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.