Sunday, 28 April 2024

අ.පො.ස (සා.පෙළ) විභාග පැවැත්වෙන පාසලක රැස්වීමක්  දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Posted On Tuesday, 06 June 2023 11:02

 

 
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිලිනොච්චිය මරදන්කේනි ප්‍රදේශයේ පාසලක දේශපාලන රැස්වීමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ දේශපාලන අංශ නායිකා සර්ගුණදේවි ජගතීස්වරන් ඇතුළු දෙදෙනකු හෙට (7) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 
 
මෙම රැස්වීමට TNPF නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ද සහභාගී විය. රැස්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මර්දන්කේනි පොලිසිය මන්ත්‍රීවරයා පොලිස් ස්ථානයට කැඳවා තිබේ. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව පවසමින් මන්ත්‍රීවරයා පොලිසියට පැමිණ තිබුණේ නැත.