Sunday, 28 April 2024

ගජේන්ද්‍ර පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක්.

Posted On Tuesday, 06 June 2023 11:12

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළා.

කිලිනොච්චියේ පැවති රැස්වීමකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ ඔවුන්ට පරුෂ වචනයෙන් බැන වැදීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවකි.

මන්ත්‍රීවරයා සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අතර උණුසුම් බහින් බස්වීමක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝවක් පෙන්නුම් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිසියෙන් වාර්තාවක් ඉල්ලා ඇත.