Sunday, 12 May 2024

අධිකරණයට අපහාස කළ බවට ගොනු කර ඇති පෙත්සමකට අදාළව රිෂාඩ් බදියුදීන්ට නොතීසි

Posted On Tuesday, 06 June 2023 16:29

අධිකරණයට අපහාස කළ බවට ගොනු කර ඇති පෙත්සමකට අදාළව රිෂාඩ් බදියුදීන්ට නොතීසි

 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් වන අභියාචනාධිකරණ නියෝග හිතාමතා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට අධිකරණයට අපහාස කිරීමේපෙත්සමක් ගොනු කර තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් තමාට දඬුවම් නොකළ යුත්තේ මන්දැයි වගඋත්තරකරු අධිකරණයට කරුණුදැක්වීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය ඉල්ලා සිටියි.

අධිකරණයට අපහාස කිරීමේ මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරුඑම්.ඒ.ආර්. මරික්කාර්, විසින් රිෂාඩ් බදියුදීන් යන අයට නොතීසි නිකුත් කළ අතර, ජුනි 28 වැනි දින සහය සඳහා නඩුව නියමකරන ලදී.

2020 නොවැම්බර් 16 වැනි දින සිය තීන්දුවේ දී අභියාචනාධිකරණය මැන්ඩමස් ආඥාවක් වැනි නියෝගයක් නිකුත් කරමින් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්‍ෂක ජනරාල්වරයා ගේ විධිවිධාන අනුව රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවරගන්නා ලෙස නියෝග කළේය. අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා භාවිතා කරන රක්ෂිත වනාන්තර ප්‍රදේශයට සමාන ඕනෑමප්‍රදේශයක වන ආඥාපනත ක්‍රියාත්මක කරමින් මෙම ප්‍රදේශවල රුක් රෝපණ වැඩසටහනේ සම්පූර්ණ පිරිවැය දරන ලෙසඅභියාචනාධිකරණය තවදුරටත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට නියෝග කර තිබුනි.