Tuesday, 07 May 2024

කළුතර ප්‍රාදේශීය බලප්‍රදේශ දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

Posted On Wednesday, 07 June 2023 08:51

කළුතර ප්‍රාදේශීය බලප්‍රදේශ දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

 

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය බල ප්‍රදේශ දෙකකට (6) දින පස්වරු 4 සිට අද (7) පස්වරු 4 දක්වාබලපැවැත්වෙන පරිදි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙන නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණසංවිධානය පවසයි.

ඒ අනුව පාලින්දනුවර සහ මතුගම ප්‍රාදේශීය බල ප්‍රදේශවලට මෙලෙස අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දෙන අදියර 2 නිවේදනය නිකුත් කර තිබේ.

එසේම කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට , අගලවත්ත සහ බුලත්සිංහල ‍යන ප්‍රාදේශීය බලප්‍රදේශවලට නායයෑම් පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසටදැනුම්දෙන පළමු අදියරේ පූර්ව අනතුරු ඇඟවීමේ නිව්වෙදනයක් ද නිකුත් කර ඇත.