Tuesday, 07 May 2024

නෙදර්ලන්තයෙන් පැටවු බිත්තර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සූදානමක්

Posted On Friday, 09 June 2023 16:47

නෙදර්ලන්තයෙන් පැටවු බිත්තර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සූදානමක්

 

දැනට රට තුළ පවතින කුකුළු මස් සහ බිත්තර හිඟය විසඳීම සඳහා මව් කිකිළියන් වෙනුවට පැටවුන් 176,000ක් නෙදර්ලන්තයෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරයි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. ඩබ්. සිරිල් මෙම උත්සාහය තුළින් මසක් ඇතුළත -සතියකට බිත්තර 44,000ක් රටට ලැබෙන බව පෙන්වා දුන්නේය.

රට තුළ පවතින කුකුළු මස් සහ බිත්තර හිඟය සමනය කිරීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (8) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.