Thursday, 02 May 2024

සියම් නිකායේ 270 වැනි සංවත්සරය නිමිත්තෙන් තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් 270 දෙනෙකු තාවකාලික පැවිදි බිමට

Posted On Wednesday, 14 June 2023 05:47

සියම් නිකායේ 270 වැනි සංවත්සරය නිමිත්තෙන් තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් 270 දෙනෙකු තාවකාලික පැවිදි බිමට

 

සියම් නිකායේ 270 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකිකයන් 270 දෙනෙකු මේ වසරේ තායිලන්තයේදී කෙටි කාලයක් සඳහා පැවිදි බිමට පත් කෙරේ.

Chaing Mai හි Wat Pa Samdet විහාරස්ථානයේ පූජ්‍ය Pharsamu Pairoj Wonsomsri හිමියන් විසින් තායිලන්ත මහා වජිර-ලෝන්ග්-කෝන් රජුගේ උපන් දිනය වන ජූලි 28 වන දින සිට මාස 4 ක කාලයක් සඳහා ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම භික්ෂුත්වයට පත් කරනු ඇත.

වොන්සම්ශ්‍රී හිමිපාණන් ඊයේ (ජුනි 12) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර, තායිලන්ත බෞද්ධයන් ශ්‍රී ලංකාව කෙරෙහි ඉමහත් ගෞරවයක් දක්වන බවත්, මීට වසර 270 කට පෙර පූජ්‍ය උපාලි මහරහතන් වහන්සේ විසින් සිදුකරන ලද සම්ප්‍රදාය පිළිබඳව පැහැදිලි කරන ලදී.

බුදුදහමේ පුනර්ජීවනයට සහය වීම සම්බන්ධයෙන් තායිලන්තයට සහ ශ්‍රී ලංකාවේ සංඝ ශාසනය පුනර්ජීවනය කිරීමට සියම් දේශයේ සිට පැමිණි අතිපූජ්‍ය උපාලි නාහිමිපාණන් වහන්සේට ශ්‍රී ලංකාව සැමවිටම කෘතඥ වන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.