Saturday, 04 May 2024

පැරිසියේදී නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා ඉහළ පෙළේ සාකච්ඡා

Posted On Wednesday, 14 June 2023 10:02

පැරිසියේදී  ජූනි 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුම සඳහා වන අන්තර්ජාතික නායක සමුළුවේ ඉහළ පෙළේ විද්වත් සාකච්ඡාවක් ඇමතීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබේ. 

 
මෙම අවස්ථාවට රාජ්‍ය හා රජයේ ප්‍රධානීන්, ජාත්‍යන්තර සංවිධානවල නායකයින් සහ සිවිල් සමාජයේ නියෝජිතයින්, පදනම්, අරමුදල් සහ පෞද්ගලික අංශයේ ප්‍රවීණයන් සහභාගී වෙති.