Sunday, 28 April 2024

හොරණ SJB ප්‍රධාන සංවිධායක ඇප මත නිදහස්

Posted On Thursday, 15 June 2023 20:59

 

හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන සංවිධායක පී.ඩී. අබේරත්න මහතා රුපියල් මිලියනය බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මත නිදහස් හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේය.

පසුගිය බදාදා (14) තමන්ට අයත් ඉඩමකට රැස්ව සිටි පිරිසක් විසුරුවා හැරීමට ගුවනට වෙඩි තැබූ බව කියන සිද්ධියසම්බන්ධයෙන් අබේරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට රටින් පිටවීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ ගිනිඅවියට ආරක්ෂක අමාත්‍යාංශය හරහා නිකුත් කර තිබූ බලපත්‍රයද තාවකාලිකව අත්හිටුවා ඇත.