Saturday, 27 April 2024

පෞද්ගලීකරණයට එරෙහිව ලං.වි.ම ජුනි 21 දා දැවැන්ත විරෝධතාවයක

Posted On Friday, 16 June 2023 11:00

 

 ලං.වි.ම පෞද්ගලීකරණය කිරීමේ ආන්ඩුවේ සැලසුමට එරෙහිව ජූනි 21 වැනිදා සියලුම ලංවිම සේවකයින් විහාරමහාදේවි උද්‍යානයට රැස්වී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව ලං.වි.ම වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රන්ජන් ජයලාල් මහතා පවසයි.

 ලං.වි.ම පෞද්ගලීකරණයට එරෙහිව මෙම විරෝධතාවයට දේශපාලන භේදයකින් තොරව ලං.වි.ම සේවකයින් එක්වන බවද ඔහු පැවසීය.

 ‘’රාජ්‍ය ආයතන 52ක් විදේශ සමාගම්වලට විකිණීමට රජය දැනටමත් සැලසුම් සකස් කර තිබෙනවා. මේ සමහර රාජ්‍ය ආයතන විශාල ලාභයක් ලබනවා.’’ හෙතෙම දක්වයි. ‘’ලක්ෂපාන බලාගාරයෙන් නිපදවන විදුලි ඒකකයක් රජයට වැය වන්නේ ශත 60ක් පමණක් බවත්, නමුත් එම බලාගාරය කොරියානු සමාගමකට විකිණීමට නියමිත බවත් ඔහු පැවසීය.

 

"මහවැලි බලාගාර අදානි සමූහ ව්‍යාපාරයට විකිණීමට සැලසුම් කර ඇති අතර ලක්විජය බලාගාරය චීනයට විකිණීමට සැලසුම් කර තිබේ", ඔහු පැවසීය.