Sunday, 28 April 2024

ටිපර් රථ අනතුරකින් මවකගේ සහ දියණියක ජීවිතක්ෂයට

Posted On Friday, 16 June 2023 16:14

ටිපර් රථ අනතුරකින් මවකගේ සහ දියණියක ජීවිතක්ෂයට

 

බස් රථයක් එනතුරු සිටි මවක් සහ දියණියක් වව්නියාව, පරයනලාන්කුලම ප්‍රදේශයේ දී, ටිපර් රථයකට යටවීමෙන් ඊයේ (15) පෙරවරුවේ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි සිවලෝකනාදන් සුබෝකිනී සහ 6 හැවිරිදි එන් දිනුසිකා වන අතර ඔවුන් පරයානාලන්කුලම්, කන්නට්ටි ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් දෙදෙනාම නිවස ඉදිරිපිට මාර්ගයේ බසය එනතුරු රැදී සිට ඇත.

අනතුර ඇසින් දුටුවන් පැවසුවේ ට්‍රක් රථය තමන් දෙසට වේගයෙන් පැමිණි බව දුටු තවත් පිරිමි ළමයෙකු පලා ගොස් බේරී ඇතිබවයි.