Friday, 10 May 2024

හමුදා නිලධාරීන්ගේ සංචාරක තහනම ආංශික අධීක්ෂණ කමිටුවට

Posted On Saturday, 17 June 2023 10:45

ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට පනවා ඇති ජාත්‍යන්තර සංචාරක තහනමට සහ කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ ජන සංහාර පිළිබඳඅසත්‍ය චෝදනාවලට දැඩි විරෝධය පළ කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව අදාළ නිලධාරීන්ටඋපදෙස් දී තිබේ.

හමුදා නිලධාරීන්ගේ චිත්ත ධෛර්යයට බලපාන බැවින් ඔවුන්ට පනවා ඇති ජාත්‍යන්තර සංචාරක තහනමට එරෙහිව නැගී සිටීමේවැදගත්කම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකරමහතා පෙන්වා දුන් අතර විදේශ කටයුතු අමාත්‍යාංශය මෙය විසඳීමට මැදිහත් විය යුතු බව පෙන්වා දුන්නේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය පාර්ලිමේන්තු සතියේදී රැස් වූ අතර, එහි සභාපති ආචාර්යසරත් වීරසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙරට හමුදා නිලධාරීන්ට පනවා ඇති සංචාරක තහනමට එරෙහිවීමට අවශ්‍ය සියලු කරුණු එක්රැස් කර අදාළ තානාපතිවරුන්ටලබාදෙන ලෙස එම කමිටුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකාව යනු දරුස්මාන් සහ OICL වාර්තා දෙකෙන්ම තහවුරු වන පරිදි සාම්ප්‍රදායික නොවන හමුදා ගැටුමක් පැවති රටකි. එබැවින් හමුදා නිලධාරීන්ට විදෙස් ගමන්තහනමක් පැනවීම ජිනීවා සම්මුතියටද පටහැනි බැවින් මේ පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙස සභාපතිවරයා අදාළනිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.