Monday, 06 May 2024

විමල් අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරෙන්තු නිකුත් කරයි

Posted On Monday, 19 June 2023 16:10

 

පාර් ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (19)වරෙන්තු නිකුත් කර ඇත.

බෞද්ධාලෝක මාවතේ ප්‍රධාන මාර්ග අවහිර කරමින් මහජනතාවට සහ සාමාන්‍ය වාහන ගමනාගමනයට බාධා කරමින් 2016 වසරේ පැවති විරෝධතාවයකට ජාතික නිදහස් පෙරමුණේ නායක වමල් වීරවංශ ඇතුළු පස් දෙනෙකු නායකත්වය ලබාදුන් බවටකුරුඳුවත්ත පොලිසිය චෝදනා කර තිබේ.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශමහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. 2016 පෙබරවාරි 6 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන්ගේ සංචාරයට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ විරෝධතා පා ගමනක්  පැවැත්වීය. වැඩිදුරමහේස්ත්‍රාත් පරීක්ෂණය සැප්තැම්බර් 11 වැනිදාට නියම කෙරේ.