Monday, 06 May 2024

අමරකීර්ති අතුකෝරල ඝාතනයේ විත්තිකරුවන්ට ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා

Posted On Monday, 19 June 2023 21:33

 

 

පොළොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂකනිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 37 දෙනෙකුට ගම්පහ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (19) අධිචෝදනා භාර දී ඇත.

 සහන් යාපා බණ්ඩාර, රුෂ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද නඩුව කැදවූඅවස්ථාවේදී විත්තිකරුවන් 41 දෙනාගෙන් 4 දෙනෙකු අධිකරණයට පැමිණ සිටියේ නැත. නඩුව ජූලි 7 වැනිදාට කල් තැබිණි.

නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින්ත්‍රිපුද්ගල ත්‍රිපුද්ගල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබුණි.

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන්ජයන්ත ගුණවර්ධන යන මහත්වරුන් පසුගිය වසරේ මැයි මස 9 වැනිදා නිට්ටඹුව නගරයේ දී ගාලුමුවදොර විරෝධතාකරුවන්ටපහරදීමෙන් පසු ඇති වූ සිද්ධීන්වලින් ජීවිතක්ෂයට පත් වූහ.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 14ක් යටතේ විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කරතිබුණා.