Sunday, 28 April 2024

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක ස්මාර්ට් පන්තිකාමර

Posted On Tuesday, 20 June 2023 05:47

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක ස්මාර්ට් පන්තිකාමර

 

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200 ක විෂයමාලා මෘදුකාංග සහිත නවීන පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු ස්ථාපිත කිරීමසඳහා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ, ගිවිසුම ඊයේ (19)අත්සන්කරනලදී.

ශ්‍රී ලංකා රජය විසින් නියම කරන ලද රාමුවට අනුකූලව ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පෙළගස්වමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමතවදුරටත් විධිමත් කර කඩිනම් කරනු ඇත. ඉන්දීය රජයේ ප්‍රදාන ආධාර හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය, අඩු වරප්‍රසාද සහිතප්‍රදේශවල පාසල්වලට යන සිසුන් අතර ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු කිරීම අරමුණු කරයි. මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයතුළ ඉන්දීය රජය විසින් සිදු කරන ලද ප්‍රදාන ව්‍යාපෘති කිහිපයෙන් එකකි.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතා සහභාගී විය. නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු දසහභාගී වූහ.

ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාවේ සමස්ත සංවර්ධන ආධාර දැනට ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ වන අතර ඩොලර් මිලියන600 කට ආසන්න ප්‍රදානයක් ඇත. දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරා ප්‍රදාන ව්‍යාපෘති 65කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් සිදු කර ඇතිඅතර ප්‍රදාන ව්‍යාපෘති 20කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමේ විවිධ අදියරවල පවතී. ඉන්දීය නිවාස ව්‍යාපෘතිය සහ 1990 සුවසැරිය ගිලන්රථ සේවය ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ප්‍රදාන ව්‍යාපෘති අතර වේ.