Monday, 29 April 2024

වාර් තා ලබා ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග

Posted On Tuesday, 20 June 2023 18:00

 

ව්‍යාපාරික දිනේෂ් ෂාෆර්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහු වෙතයොමු කර ඇති රජයේ රස පරීක්ෂක වාර් තා ලබා ගන්නා ල‍ෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20)අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරනලදී.

 මේ වන විටත් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති රුධිර සාම්පල කිහිපයක් ඇතුළු ද්‍රව්‍යවලට අදාළ විශ්ලේෂණවාර්තා අධිකරණයට මෙතෙක් ලැබී නොමැති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නිරීක්ෂණය කළාය.

 ෙමෙම වාර්තා රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා රහස්පොලිසියට නියෝග කළේය‍

අවශ්‍ය නම් මෙම වාර්තා සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් කිරීමට ද හැකියාව පවතින බව අතිරේකමහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත.

 පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට සහ මරණයට හේතුව සොයා ගැනීමට පත්කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පසුගියදා ගොඩගන තිබිණි.