Sunday, 28 April 2024

මුදල් විශුද්ධිකරණ නඩුවේ විභාගය අගෝස්තු 4 

Posted On Tuesday, 20 June 2023 19:20

 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බව කියන ගම්පොල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන්තිදෙනෙකුට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විභාගය කොළඹ මහාධිකරණය අද (20)දින නියම කරතිබේ.

මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් හය දෙනෙකුට අගෝස්තු 4 වැනිදා අධිකරණයේපෙනී සිටින ලෙස සිතාසි නිකුත් කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රුපියල් මිලියන 150 ක කළු සල්ලි සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනෙකුටඑරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි.

 2008 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 7.05ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාව මත 2015 ඔක්තෝම්බර් 14 වන දින ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් 'වෙලේ සුදා'   නමැත්තාට කොළඹ මහාධිකරණය මරණදඬුවම නියම කළේය.