Monday, 29 April 2024

මුතු රාජා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යළි තායිලන්තයට

Posted On Tuesday, 20 June 2023 17:24

 

මුතු රාජා හෙවත් ප්ලේයි සක් සූරීන් විශේෂ ප්‍රතිකාර සඳහා තායිලන්තයට යවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදපාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

තායිලන්තයේදී අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අලියා යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවද ඔහු කියා තිබේ.

 අග්‍රාමාත්‍යවරයා පසුගියදා තායිලන්ත සංචාරයක නිරත වූ අවස්ථාවේදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් තමන් සමාව අයැද සිටි බවගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. වසර 21ක් ශ්‍රී ලංකාවේ ජීවත් වූ "ප්ලයි සක්සුරින්" නම් ඇත් පැටවා චැං ලැම්පෑන්ග් රෝහලේප්‍රතිකාර සඳහා නැවත පැමිණීමට තායිලන්තය සූදානම් කර ඇත. 2001 දී තායිලන්ත රාජධානිය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළඇතුන් තිදෙනාගෙන් එක් අයෙක සක්සුරින් නොහොත් මුතු රාජා ය.

තායිලන්තයේ ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය Warawut Silpa-archa පසුගියදා පැවසුවේ තමන් කොළඹ තායි තානාපතිකාර්යාලය සමඟ එක්ව ගමන් කරන කූඩු සමාගම සම්බන්ධ කර ගැනීමට කටයුතු කළ බවත්, ජූලි 1 වැනිදා අලියා නැවතතායිලන්තයට ගෙන ඒම සඳහා Ilyushin IL-76 ගුවන් යානා සමාගම සම්බන්ධ කර ගත් බවත්ය.