Saturday, 27 April 2024

ගැටුම්වලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Posted On Thursday, 22 June 2023 09:46

ගැටුම්වලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

 

හෝමාගම සහ කොට්ටාව ප්‍රදේශවල ඊයේ (20) රාත්‍රියේ සහ අද අලුයම සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

හෝමාගම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාට මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවන් විසින් දුරකථන ඇමතුමක යෙදී සිටියදී ඔහුට වෙඩි තබා ඇත. වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිත කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

කොට්ටාව වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා කොළඹ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයක සේවයේ නියුතුව සිටි අතර සාම්පල ලබා ගැනීම සඳහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.