Saturday, 27 April 2024

සැබෑ පොදු අපේක්ෂකයා රනිල් බව නවීන් කියයි.

Posted On Thursday, 22 June 2023 09:50

සැබෑ පොදු අපේක්ෂකයා රනිල් බව නවීන් කියයි.

 

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා විය යුතු බව මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකුගේ අදහස වී ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා මහනුවරදී පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පමණක් නොව සුළු ජාතික පක්ෂ නායකයන් ද මෙම මතයේ සිටින බවත් ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ සැබෑ පොදු අපේක්ෂකයා බවට පත්වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහානායක හිමිවරුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.