Sunday, 28 April 2024

නීතිවිරෝධී වේදනා නාශක ඖෂධ තොගයක් සමඟ වෑන් රථයක් සහ රියදුරෙකු පොලිස් අත්අඩංගුවට.

Posted On Monday, 26 June 2023 05:11

නීතිවිරෝධී වේදනා නාශක ඖෂධ තොගයක් සමඟ වෑන් රථයක් සහ රියදුරෙකු පොලිස් අත්අඩංගුවට.

 

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් වේදනා නාශක පෙති තොගයක් ඊයේ (25) පොලිස් භාරයට ගෙන තිබේ. පුත්තලමනාවික හමුදා මුරපොලකින් මෙම වේදනා නාශක ඖෂධ ඉන්දියාවෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් ඇත.

වෑන් රථයකින් කල්පිටියේ සිට මෙම වේදනා නාශක ඖෂධ තොගය ප්‍රවාහනය කරන බවට පොලිස් විශේෂ කාර්යාංශයේනිලධාරියෙකුට ලැබුණු බුද්ධි තොරතුරක් මත අදාළ වෑන් රථය සහ එහි රියදුරු කරඹ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වේදනා නාශක පෙති 423,000කට අධික ප්‍රමාණයක් රිජිෆෝම් පෙට්ටි නවයක ආරක්‍ෂිත ලෙස තිබූ බව පොලිසිය පවසයි. මෙමඅධි බලැති වේදනා නාශක පෙති ඇපල් පෙති නමින් නීතිවිරෝධී ලෙස පාසල් සිසුන් සහ තරුණයින් ඉලක්ක කර ගනිමින් භාවිතකරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.