Sunday, 28 April 2024

මෝසමත් සමඟ ඩෙංගු වසංගත මට්ටමට

Posted On Monday, 26 June 2023 05:15

මෝසමත් සමඟ ඩෙංගු වසංගත මට්ටමට

 

ඉදිරි වැසි කාලයත් සමඟ ඩෙංගු වසංගතයක් පැතිර යාමේ අවදානමක් පවතින බැවින් ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් සියලුඅංශවල වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

රජයට හෝ සෞඛ්‍ය බලධාරීන්ට තනිව ඩෙංගු වයිරසය පාලනය කළ නොහැකි බැවින් ඒ සඳහා සියලු දෙනාගේම සහය වැදගත්බව ඔහු අවධාරණය කළේය.

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන පරිදි මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කර ඇති අතරජනවාරි මාසයේ සිට මේ දක්වා රෝගීන් 47,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. වාර්තා වී ඇති රෝගීන්ගෙන් බහුතරයක්කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වන බවත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්ව එම ප්‍රදේශවල කසළ පිරිසිදු කිරීමට විශේෂවැඩපිළිවෙළක් දියත් කරන බවත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.