Saturday, 27 April 2024

දේශබන්දුට එරෙහිව සිතාසිය

Posted On Monday, 26 June 2023 07:20

දේශබන්දුට එරෙහිව සිතාසිය

 

අභියාචනාධිකරණය අවලංගු කරයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නිකුත් කරන ලද සිතාසි ක්‍රියාත්මක කිරීම අවලංගු කරමින් අභියාචනාධිකරණය අද (26) රිට් ආඥාවක් නිකුත් කළේය.

ජනාධිපති මන්දිරය තුළ විරෝධතාකරුවන් විසින් ජුලි 9 වැනි දින රුපියල් මිලියන17.8 ක් සොයා ගන්නා ලද අතර, සාපරාධී විශ්වාසය කඩ කිරීමට ආධාර අනුබල දුන් බවට එල්ල වූ අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් විත්තිකරුවෙකු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජනවාරි 26 වැනිදා දේශබන්දු තෙන්නකෝන්ට සිතාසි නිකුත් කළේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත
ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්. මරික්කාර් මහතා මෙම තීන්දුව ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට අදාළවයි.