Sunday, 28 April 2024

බන්ධනාගාර නිල ඇඳුමින් පළා ගිය සිරකරු යළි අත්අඩංගුවට

Posted On Monday, 26 June 2023 07:27

බන්ධනාගාර නිල ඇඳුමින් පළා ගිය මරණීය දණ්ඩනය නියම වූ සිරකරු යළි අත්අඩංගුවට

 

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දණ්ඩනයට නියම වී සිටි සිරකරුවෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් ඊයේ (25) බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිල ඇඳුමෙන් පලා ගිය සිරකරු මරදාන දුම්රිය ස්ථානයෙ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිරකරුවා ඊයේ (25) පෙරවරු 09.30 ට පමණ ආගමික වැඩසටහනක් සඳහා සිරමැදිරියෙන් පිටතට රැගෙන ගිය අවස්ථාවේදී ඔහු සඟවාගෙන සිටි බන්ධනාගාර නියාමකවරයකුගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී පරිශ්‍රයෙන් පලාගොස් ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතාට අනුව වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවෙන් සිරකරු පලාගොස් ඇත.