Tuesday, 30 April 2024

මන්නාරම, ඉලුප්කඩුවායි කලපු ප්‍රදේශයෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ.

Posted On Tuesday, 04 July 2023 05:05

මන්නාරම, ඉලුප්කඩුවායි කලපු ප්‍රදේශයෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ.

 

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉලුප්පුකඩවායි කලපු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 92 කට අධික ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.

උතුරු මැද ශ්‍රී ලංකා නාවික විධානයට අයත් බුවනෙක සහ ගජබා අනු කණ්ඩ විසින් ඉලුප්පුකඩවායි කලපු ප්‍රදේශයේ කරන ලද(ජුනි මස 30) විශේෂ මෙහෙයුමකදී ඒ අසල පඳුරු වල සඟවා තිබූ සැක කටයුතු ගෝනි තුනක් සොයා ගෙන ඇති අතර, කිලෝග්‍රෑම්92 යි ග්‍රෑම් 250 ක් පමණ බරැති කේරළ ගංජා ඇසුරුම් 42කි එම ගෝනිවල පුරවා තිබුණ.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් කෝටි මිලියන 30 කි. එම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමයකටයුතු සඳහා බලධාරීන් වෙත භාර දෙනතුරු නාවික හමුදාව භාරයේ තබා ඇත.